Close

අපගේ සමාජ මෙහෙවර

දශකයකට පමණ පෙර සිට සරල ප්‍රජාසත්කාරයන්ගෙන් ආරම්භ කරන ලද අපගේ මෙහෙවර මේ වන විට දිවයිනේ දුෂ්කර ප්‍රදේශවල පවතින සෞඛ්‍ය, සමාජ ගැටලු විසදීමට හා ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කරලීමට අවශ්‍ය පහසුකම් සපයා දීමට සක්‍රීය දායකත්වයක් දක්වන සමාජ සත්කාර ආයතනයක් බවට සිද්ධාලෝක පදනම පත්ව ඇත්තේ අප නායකත්වය හා ක්‍රියාකාරී සාමාජිකයන් ගේ ඇති අපමණ කැප වීමෙනි.

වැඩිහිටියන්ට උපකාර කිරීමෙන් ආරම්භ කරන ලද අප සමාජ සත්කාර වැඩ පිළිවල අසරණ රෝගීන්ට වෛද්‍ය සායන පැවැත්වීම ඇස් කණ්ණාඩි ලබාදීම සහ පෝෂණ මලු ලබාදීම, ලේ දන්දීමේ සංවිධාන කටයුතුවලට සහභාගි වීම වැනි සත්කාරයන් ගෙන් පසුව කුඩා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවයන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපන උපකරණ ලබාදීම මෙන්ම පොත්පත, සපත්තු ඇතුළු දරුවන්ගේ අනෙකුත් අවශ්‍යතාවයන් සපුරා ලන අතරතුරම ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහා ද විවිධ වැඩසටහන් සංවිධානය කිරීමට හැකිවීම අප පදනමේ සාමාජිකයින් බොහෝ සේ සතුටු වන කරුණකි.

රටට බත සපයන ගොවීන් ගේ ඛේදවාචකයක් වූ මාරාන්තික වකුගඩු රෝගයට මැදිව පීඩා විදින ගොවි පවුල්වල අසරණ බව ද අප හට මහත් සිත් පීඩා ඇති කළ කරුණක් වූ බැවින් අප සංවිධානය, අදාල ප්‍රදේශවලට ජල පිරිපහදු යන්ත්‍ර ලබාදීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කරන ලදී.

අප සමාජයේ පවතින පිරිහීම ද, රටේ පවතින උග්‍ර ප්‍රශ්ණ වලට හේතුවක් බව සිද්ධාලෝක පදනමේ පිළිගැනීමයි. ලාභය පමණක් හඹා යන අති තරගකාරී සමාජය, ආධ්‍යාත්මික වශයෙන් කඩා වැටීම මිනිසුන්ගේ වටිනාකම් විනාශ කර ඇත. අප රටේ අධ්‍යාත්මය නඟා සිටුවීම සිද්ධාලෝක පදනමේ මුඛ්‍ය පරමාර්ථය වන නිසා විවිධ ආකාරයේ ආගමික වැඩසටහන් සංවිධානය කිරීම ඒ සඳහා පිරිස් පිරිස් යොමු කිරීම ආගමික ස්ථානවලට උපකාර කිරීමද අපගේ සමාජ මෙහෙවරයන් අතර ප්‍රධාන වේ