Close

ඔබේ ආධාරය පිපාසයට දිය බිඳුවක් සැපයීම සඳහා පමණක් නොවේ.

බිහිසුනු වකුගඩු රෝගයෙන් ජනතාව මුදවා ගැනීමට රෝග නිවාරණයට ගන්නා මාහැඟි උත්සහයකට උරදීමකි.

ඔබේ ආධාරය පිපාසයට දිය බිඳුවක් සැපයීම සඳහා පමණක් නොවේ.

බිහිසුනු වකුගඩු රෝගයෙන් ජනතාව මුදවා ගැනීමට රෝග නිවාරණයට ගන්නා මාහැඟි උත්සහයකට උරදීමකි.

බිහිසුනු වකුගඩු රෝග නිවාරණයට ගන්නා මාහැඟි උත්සහයකට උරදීම සඳහා පිපාසයට දිය බිදුවක් සැපයීමේ ව්‍යාපෘතිය

මෙරට ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබෙන වකුගඩු රෝගයට බලපා ඇති හේතු සෙවීම හා එය නිවාරණය කිරීමට විසඳුම් සෙවීම සඳහා රජයේ මෙන්ම පෞද්ගලික හා සමාජ සංවිධාන බොහෝමයක අවධානය යොමු ව ඇති බව පෙනේ.

එනමුත් වකුගඩු රෝගයට සෘජුවම බලපාන පානීය ජල ප‍්‍රශ්නයට හා අත්‍යවශය ඖෂධ ප‍්‍රශ්නයට සියයට සීයයක විසඳුමක්, ව්‍යවසනයට මුහුණ දෙන ජන කොටස් වලට තවමත් ලැබී නොමැත.

මෙම විශේෂිත අවශ්‍යතාවය සපුරාලීමේ කොටස්කරුවෙකු වෙමන් සිද්ධාලෝක පදනම ආරම්භ කරන ලද සෞඛ්‍ය ආරක්‍ෂිත පානීය ජලය සැපයීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අප විසින් නිම කලෙමු. දෙවන අදියර ඇරඹීමට ඔබට ද දායක විය හැකිවේ.

වැඩිදුර කියවීමට

අපගේ සමාජ මෙහෙවර

දශකයකට පමණ පෙර සිට සරල ප්‍රජාසත්කාරයන්ගෙන්ආරම්භ කරන ලද අපගේ මෙහෙවර මේ වන විට දිවයිනේ දුෂ්කර ප්‍රදේශවල පවතින සෞඛ්‍ය, සමාජගැටලු විසදීමට හා ඔවුන්ගේ ජීවන මට්ටම උසස් කරලීමට අවශ්‍ය පහසුකම් සපයා දීමට සක්‍රීයදායකත්වයක් දක්වන සමාජ සත්කාර ආයතනයක් බවට සිද්ධාලෝක පදනම පත්ව ඇත්තේ අප නායකත්වයහා ක්‍රියාකාරී සාමාජිකයන් ගේ ඇති අපමණ කැප වීමෙනි.

වැඩිහිටියන්ටඋපකාර කිරීමෙන් ආරම්භ කරන ලද අප සමාජ සත්කාර වැඩ පිළිවල අසරණ රෝගීන්ට වෛද්‍ය සායනපැවැත්වීම ඇස් කණ්ණාඩි ලබාදීම සහ පෝෂණ මලු ලබාදීම, ලේ දන්දීමේ සංවිධානකටයුතුවලට සහභාගි වීම වැනි සත්කාරයන් ගෙන් පසුව කුඩා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවයන්වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපන උපකරණ ලබාදීම මෙන්ම පොත්පත, සපත්තුඇතුළු දරුවන්ගේ අනෙකුත් අවශ්‍යතාවයන් සපුරා ලන අතරතුරම ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහාද විවිධ වැඩසටහන් සංවිධානය කිරීමට හැකිවීම අප පදනමේ සාමාජිකයින් බොහෝ සේ සතුටු වන කරුණකි.

රටට බත සපයන ගොවීන් ගේ ඛේදවාචකයක් වූමාරාන්තික වකුගඩු රෝගයට මැදිව පීඩා විදින ගොවි පවුල්වල අසරණ බව ද අප හට මහත් සිත්පීඩා ඇති කළ කරුණක් වූ බැවින් අප සංවිධානය, අදාල ප්‍රදේශවලට ජල පිරිපහදු යන්ත්‍රලබාදීමේ ව්‍යාපෘතියක් ද ආරම්භ කරන ලදී.

අපසමාජයේ පවතින පිරිහීම ද, රටේපවතින උග්‍ර ප්‍රශ්ණ වලට හේතුවක් බව සිද්ධාලෝක පදනමේ පිළිගැනීමයි. ලාභය පමණක් හඹායන අති තරගකාරී සමාජය, ආධ්‍යාත්මිකවශයෙන් කඩා වැටීම මිනිසුන්ගේ වටිනාකම් විනාශ කර ඇත. අප රටේ අධ්‍යාත්මය නඟා සිටුවීමසිද්ධාලෝක පදනමේ මුඛ්‍ය පරමාර්ථය වන නිසා විවිධ ආකාරයේ ආගමික වැඩසටහන් සංවිධානයකිරීම ඒ සඳහා පිරිස් පිරිස් යොමු කිරීම ආගමික ස්ථානවලට උපකාර කිරීමද අපගේ සමාජමෙහෙවරයන් අතර ප්‍රධාන වේ. 

පැසසුම්

වසර කිහිපයකට පෙර වැසී යාමට තිබු මෙම පාසලේ වසර 36කට පසු දරුවන් ශිෂ්‍යත්වය සමත් වූයේ 2016 වසරේදී ය. ඉතා අහිංසක, ආර්ථික දුෂ්කරතා ඇති දෙමාපියන්ගේ දරුවන් ඉගෙනුම ලබන මෙම පාසලට දිරියක් වූයේ ඔබ තුමන්ලාය.


විදුහල්පති බප/හෝ/කිම්මන්තුඩාව ශී‍්‍ර සුමනජෝති කනිෂ්ඨ විද්‍යයාලයය.

ඩබ්.එළ්.ඒ.ඩී.ජී.ජගත් කුමාර  

පැසසුම්

අපවත්වී වදාල පූජ්‍ය මාදුළුවාවේ ශ්‍රී සෝභිත හිමිපානන් වහන්සේගේ  75 වන ජන්ම දිනය අනුස්මරණනය වෙනුවෙන් කෝට්ටේ ශ්‍රී නාගවිහාර භූමියේ සංවිධානය කරන ලද ප්‍රජාසත්කාරක වැඩසටහන් මාලාවේ දී අපට කරගැනීමට නොහැකිව තිබු අසීරුම වැඩ කොටස භාරගෙන එය නොපිරිහෙලා ඉටුකර දීමෙන් දැක් වු අනුග්‍රහයට සිද්ධාලෝක පදනම වෙත පිං පෙරදැරිව මගේ ගෞරවනිය ස්තූතිය පලකරමි.


පුජ්‍ය වතුරවිල සුජාත හිමි

විහාරාධිපති ශ්‍රී නාගවිහාර

කෝට්ටේ

පැසසුම්

මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් විරල සමාජයක සමාජ ක්‍රියාකාරකම් උදෙසාම තම ජීවිතයෙන් වැඩි කාලයක් කැපකල සිද්ධාලෝක පදනමේ ගරු සභාපති ආයුර්වේද වෛද්‍ය අසංක අභයවර්ධන මහතා සමාජ සේවකයෙකු වශයෙන්, උපදේශකවරයෙකු වශයෙන් සමාජයට කරන ලද මෙහෙවර මම අගය කරමි


ප්‍රවීණ රංගනවේදී

සනත් ගුණතිලක

පැසසුම්

මේව හරිම උතුම් වැඩ, සහනෝදා සුව සවියට, සහනෝදා වැඩිහිටි ආශ්‍රමයට සම්බන්ධ සෑම ව්‍යාපෘතියකටම උදව්  උපකාර කරමින්  සෑම පසළොස්වක පොහොයකටම නිතිපතා සිදු කරන අට විසි බුද්ධ පූජාව, වැඩිහිටි දාන වැඩපිළිවෙල ඉතාමත්ම ප්‍රසංසනීයයී.

පුජ්‍ය හපුතලේ පඤ්‍රාඤ්‍රරම හිමි
ගරු සභාපති
සහනෝදා පදනම




අප ගැන

සිද්ධාලෝක පදනමේ ගරු සභාපති දේශබන්ධු ජනරංජන ආයුර්වේද වෛද්‍ය අසංක අභයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා මඟ පෙන්වීමෙන් ඒ මහතා වටා එක්රොක් වු තම කාලය, ශ්‍රමය, ධනය කැපකරමින් සද්භාවයෙන් කටයුතු කරනු ලබන සහෘද කණ්ඩායමක් විසින් ආරම්භ කරන ලද සංවිධානයකි.

සභාපතිතුමාගේ පණිවිඩය


අප හා එක්වන්න

ආත්මාර්ථකාමී මිනිසා තමන් වෙනුවෙන්ම පමණක් යොදවාගන්නා,.පරාර්ථකාමී මිනිසා බෙදා හදාගන්නා වටිනාම දායාද තුනක් ඇත..
I කාලය II ශ්‍රමය III ධනය
මෙලොව ලස්සන කල මිනිසුන් මෙම කරුණු 03 සැම විටම බෙදා ගත්තා. වැඩිහිටියන් වෙනුවෙන් මවුපියන්, ගුරුවරුන්, මෙලොව අසරණ වූවන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට බෙදා ගත්තා.. ආත්මාර්ථකාමී මිනිසා අනුන්ගේ කාලය, ශ්‍රමය, ධනය පවා පොදිගසා ගත්තා. ඔබේ වටිනාම දෙය සමාජයට දෙන්න.උපන් බිමේ පුරවැසියකු ලෙස ඔබගෙන් ඉටුවිය යුතු සමාජ වගකීම තනිව ඉටු කිරීමට ප්‍රමාණවත් ධනයක්, බලයක් ඔබ වෙත නොමැත්තේ නම් එන්න අප හා එක්වන්න. අපට හැකි අයුරින් උපන් බිමේ සහෝදර ජනතාව වෙනුවෙන් කල හැකි හා කලයුතු දේ කිරීමට ඔබගේ දායකත්වය සිද්ධාලෝක පදනම හරහා ලබා දිය හැකිය. ඒ සඳහා පදනමේ අපි සූදානමින් සිටිමු.

 

සන්නිවේදන පියස

රූප සටහන්
වෙනත් සටහන්

අප අමතන්න

කාර්යාලයේ ලිපිනය


අංක 421/2, කෝට්ටේ පාර, පිටකෝට්ටේ.

කාර්යාලීය දුරකථනය. 0112 827 523

ඊ-මේල්. info@siddhalokalanka.org

වෙබ් අඩවිය. www.siddhalokalanka.org

තොරතුරු සම්බන්ධීකරනය,

ලේකම්: දුලිප් චමින්ද පීරිස්

0715  622 509