හෝමාගම, උඩුවන, ශී‍්‍ර සුපේෂලාරාම විහාරස්ථානයේ බෝ මළුව ප‍්‍රතිසංස්කරණය කර දීම
හෝමාගම, උඩුවන, ශී‍්‍ර සුපේෂලාරාම විහාරස්ථානයේ බෝ මළුව ප‍්‍රතිසංස්කරණය කර දීම
සාරාසංඛ්‍යෛ කල්ප ලක්ෂයක් පාරමී දම් පිරූ සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේට උතුම් බුද්ධ රාජ්‍යයට එළඹීමට සෙවන දුන් ඇසතු වෘක්ෂයට සතියක් මුළුල්ලේ අනිමිස ලෝචන පූජාවෙන් අති පූජනීයත්වයට පත් කරමින් උන්වහන්සේ අපට කියා දුන් පළමු පාඩම කලගුණ සැලකීමයි.
එවන් උතුම් බෝධීන් වහන්සේගෙන් පැවතෙන බෝධීන් වහන්සේලා විහාරස්ථානවල විරාජමානව වැඩ සිටිය ද බෞද්ධ වූ බොහෝ පිරිස් බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට විහාරස්ථානයට යෑමට පුරුදු වී ඇත්තේ පුන් පොහෝ දින හෝ පවුලේ අයෙකුට යම් ව්‍යසනයක්, රෝගාබාධයක් වූ විට පිහිටක් ලබා ගැනීම සඳහා පමණක් වීමෙන් එම ස්ථානවල පැවැත්ම පිළිබදව කටයුතු කිරීමට සිත් සතන් පහළ නොවීම අභාග්‍යයකි.
හෝමාගම උඩුවන ශ්‍රී සුපේෂලාරාම විහාරස්ථානයේම ද අටවිසි බෝධි පූජාවකින් අවසන් වන පෝදා වැඩ සටහන උන් වහන්සේගේ සාසන මෙහෙවරයි.
උඩ මළුවේ වැඩ සිටින බෝධීන් වහන්සේ වෙත පිය නගන කැඩී බිඳී ගිය පිය ගැට පෙල ප්‍රතිසංස්කරණය අඩපණ වී තිබූ විදුලි සැපයුම නැවත යථාවත් කිරීම, සෝදා පාළුවට හසුවුන වැලිමළුවට පිරිසිඳු කොට වැලි අතුරා ප්‍රතිසංස්කරණය කිරීම බෝධි ප්‍රාකාරය පිළිසකර කිරීම යන උදාර මෙහෙවර සිද්ධාලෝක පදනමේ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණයේ පළමු ව්‍යාපෘතිය විය.