Close

බුදු ගෙය පිළිසකර කිරීම

‘ශ්‍රී නවෝද්යාරාමයට
නවෝදයක් උදාකර
බුදු මැදුර තනවමු

අට මහා කුෂලයෙන්
පළමුව කුෂලය වඩවමු.’

අර්ධ ශතකයකට පෙර ගම් වැසියන් අතින් ඉදිවුන බුදු මැදුර ගරා වැටී මහා අනර්ග බුද්ධ ප්‍රතිමා සහ බිතු සිතුවම් අභාවයට යමින් පවතී. මෙය ප්‍රතිසංස්කරණය කොට නැවත ඉදිකොට සිවලාකුලම ගම්මානයේ බෞද්ධ වැසියන්ගේ අභිප්‍රාය ඉටු කරමු.

හොඳ වැඩ කරන්නට අප්‍රමාදී වීම දේව ගුණයකි.

මේ විශ්වය පුරාම විවිධ ජීවීන් විසිරී පැතිරී ජීවත් වුනත් ඔවුන් අතර බොහෝ දෙනෙක් උපන්නාට ජීවත් වෙනු විනා අරමුණකට අනුව ජීවත් නොවෙති. මිනිසා යනු එසේ නොව අනාගත සැලසුමකට අනුව ජීවත්වෙන; එසේ ජීවත්වීමට හැකියාව ඇති ජීවියෙකි. එම හැකියාව ජන්මයෙන් දායාද කරගෙන උපන් මිනිසුන් වන අපගේ මූලික අරමුණ, ඉලක්කය විය යුත්තේ කුමක්ද යන්න බුදු පියාණන් වහන්සේ විසින් අපට පෙන්වා දී තිබේ. ඒ නම් කුසලය දියෙණු කරගෙන, අනතුරු සහිත වූ, දුක් සහිත වූ තරණය කිරීමට අති දුෂ්කර වු සංසාර සාගරයෙන් එතෙර වීමට කටයුතු සලසා ගැනීමයි.

ව්‍යාපෘතියේ ලිපිනය

විහාරාධිපති,
පූජ්‍ය හල්මිල්ලෑවේ ධම්මජෝති හිමි,
ශ්‍රී නවෝද්‍යාරාමය,
පහල හල්මිල්ලෑව,
සිවලාකුලම,
අනුරාධපුරය.

බුදු මැදුර තැනීමේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව.
රු. 2,600,000/=
ඔබේ ආධාර මුදල් සම්පත් බැංකුව බොරැල්ල සුපිරි ශාඛාවේ ගිණුම් අංක 0218 6000 0188 බැර කිරීමට හෝ අපගේ කාර්යාලයට ලබාදී රිසිට් පතක් ලබාගත හැක.

සිද්ධාලෝක පදනම හා බැඳී අපි ඉටුකරණු ලබන මේ සියලුම සමාජ සත්කාරවලින් අප බලාපොරොත්තු වන්නේ කුසලය දියුණු කරගැනීමයි. මෙම මා හැඟි පුන්‍යකර්මයට දායක වීමට ඔබ සැමට සැදැහැ සිතින් ආරාධනා කරන්නෙමු.