බප/හො/කිම්මන්තුඩාව ශී‍්‍ර සුමනජෝති කනිෂ්ඨ විද්‍යාලය සඳහා පාසල් උපකරණ හා කාර්යාල උපකරණ බෙදා දීම
වර්ෂ 2015 ලෝක ළමා දිනයට සමගාමීව බප/හො/කිම්මන්තුඩාව ශී‍්‍ර සුමනජෝති කනිෂ්ඨ විද්‍යාලය සඳහා පාසල් උපකරණ හා කාර්යාල උපකරණ බෙදා දීම
2015 වර්ෂයේ ළමා දිනය යෙදී තිබූ ඔක්තෝබර් 04 වන දින සිද්ධාලෝක පදනමේ සහෘද කණ්ඩායම දැයේ අනාගතය බාර ගැනීමට යෝජිත ළමා පරපුර සමග ගත කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව දුෂ්කර ප්‍රදේශයක අඩු පහසුකම් සහිත පාසැලක දරු දැරියන් වෙනුවෙන් යමක් කිරීමට ගත් තීරණය මත බණ්ඩාරගම නගරයෙන් මදක් ඈතින් පිහිටි දුෂ්කර හා දිළිඳු ජනතාවක් වෙසෙන ග්‍රාමයක් වන තිම්මන්තුඩාව ග්‍රාමයේ පිහිටි බප/හෝ/තිම්මන්තුඩාව ශ්‍රී සුමනජෝති කණිෂ්ඨ විද්‍යාලය තෝරාගත්තේ සිද්ධාලෝක පදනමේ නිලධාරි මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගිනි.
බස්නාහිර පළාතට අයත් පාසැලක් වුවද එම ප්‍රදේශයේ වෙසෙන ජනතාව එදිනෙදා ජීවනෝපාය සරිකර ගැනීමට දරණ වෑයම දකින ඕනෑම කෙනෙකුට එම තෝරාගැනීම නිවැරදිබව වැටහෙනු ඇත.
ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යමත් රට බවට පත්වීමට නම් නගරයේ මෙන්ම ගම්බද පාසැල්වලට ද ඇකි හැකි අයගේ ළමුන් මෙන්ම නැති බැරි අයගේ පවුල් වල පාසැල් ළමුන් සදහා ද සියළු පහසුකම් ලබා දී අධ්‍යාපනය හැදෑරීමට ඉඩ පහසුකම් ලබා දිය යුතුය. උදව් ඇවැසි ගමේ දරුවන්ට ද ඉදිරියට යන්නට අවස්ථාව නිර්මාණය කර දිය යුතුය.
ලෝකයේ විසූ මහා දාර්ශනිකයකු වූ සිග්මන් ප්‍රොයිඩ් වරක් ප්‍රකාශ කළා “ඉපදෙන සෑම කෙනෙක්ම නළුවෙක්. අප කළ යුත්තේ වේදිකාව තැනීම පමණයි” කියා. එකී සියළුම වේදිකා රජය මගින් තනා දෙන තුරු බලා නොසිට එකී කාර්යය සඳහා හැකි පමණින් දායක වීමට සිද්ධාලෝක පදනමේ අපි ගත් තීරණය අනුව මෙම පහසුකම් සැලසීමට පදනම විසින් කටයුතු කරන ලදී.
- පාසලේ ඉගෙනුම් ලබන 100ක් පමණ වන දරු දැරියන් සඳහා අභ්‍යාස පොත් කට්ටලයක්, වතුර බෝතලයක්, පැන්සල් පෙට්ටියක්, මකන, පෑන්, පැන්සල් ඇතුළු පාසැල් උපකරණ කට්ටලයක් ලබා දීම.
- පාසැලේ 04 සහ 05 වසර ඉගෙනුම ලබන සියළු සිසුන් සඳහා ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් කරවීමට අවශ්‍ය පෙරහුරු විභාග ප්‍රශ්ණ පත්‍ර පොත්, සඟරා, පසුගිය විභාග ප්‍රශ්න හා පිළිතුරු ඇතුළු ශිෂ්‍යත්ව පොත් කට්ටලයක් ලබා දීම.
- පාසැලේ විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළු අනෙකුත් ලිපි ඡායා පිටපත් කිරීම සඳහා වන ඡායා පිටපත් යන්ත්‍රයක් හා ඊට අදාල කඩදාසි ලබාදීම.
- විදුහල්පති කාර්යාලයට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය, මැගී බෝර්ඩ් ආදී එදිනෙදා කාර්යාල කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ලබාදීම.
ඊට අමතරව එදින පාසැලේ දරු දැරියන් සඳහා උදේ ආහාරය හා දිවා ආහාරය ලබා දීමත් ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහා සිරි පැරකුම් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම.
මෙම ව්‍යාපෘතියට පසු මෙම පාසැලේ වසර 36ක ඉතිහාසය තුළ ශිෂ්‍යත්ව විභාගයෙන් ළමුන් දෙදෙනෙකු සමත් වී අනෙක් ළමුන් ළකුණු 100 ඉක්මවා ලබාගත් බව විදුහල්පතිතුමා විසින් සිද්ධාලෝක පදනම වෙත කෘතඥතා පූර්වකව දක්වා ඇත. මේ දරුවොත් හොදින් ඉගෙන ගෙන අනාගතයේ රටට අවශ්‍ය යහපත් නායකයන් බවට පත්වීමයි අපගේද බලාපොරොත්තුවයි.
වෙනත් පාසැල්වල ඉසුරුබර ස්වරූපය මාධ්‍ය මගින් දකින දරුවන් තුල තමන්ගේ පාසැලද අඩුම ගානේ මූලික පහසුකම් වලින් වත් සමන්විත ප්‍රියජනක තැනක් බවට පත්වීමේ සිහිනයක් ඇත. එසේ නොමැති වුවහොත් මෙවැනි දුෂ්කර පවුල් පසුබිමක් සහිත දරු දැරියන් දුරකතර ගෙවා හෝ එවන් පාසැලක් සොයා ගැනීමට නොව පාසැල් නොයා වෙන අතක් බලා ගැනීමට පෙළඹෙනවා ඇත. එමගින් බිහිවන්නේ සමාජයට අහිතකර පුරවැසි කොටසකි.
එබැවින් සියළු අඩුපාඩු රජය මගින් සපුරන තුරු බලා නොසිට අප සතු සමාජ වගකීම ඉටු කිරීමට හැකි අයුරින් ඔබටත් සිද්ධාලෝක පදනමේ අප සමග එක්විය හැකිය.