Close

අවසන් ව්‍යාපෘති

පොදු ජන සුභසිද්ධිය සඳහා ක්‍රියා කිරීමේ අරමුණෙන් හා අසරණ භාවයට පත් අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික සමාජයීය ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම සඳහා ආයුර්වේද වෛද්‍ය අසංක අබේවර්ධන මහතාගේ නායකත්වයෙන් යුතුව 50කට ආසන්න සාමාජික සාමාජිකාවන් පිරිසකගෙන් 2014 වර්ෂයේ ආරම්භ කරන ලද සිද්ධාලෝක පදනම සාමාජික පිරිසගේ හා පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහයෙන් ජාති, ආගම්, භේදයන්ගෙන් තොරව ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මත කරන ලද ව්‍යාපෘති බොහොමයක් වන අතර ඉන් කිහිපයක් පහත සඳහන් වේ.

පූනාව වතුර බෙදාදීම

වකුගඩු රෝගයට සෘජුවම බලපාන පානීය ජල ප්රශ්නයට හා අත්‍යාවශ්‍ය ඖෂධ ප්රශ්නයට සියයට සියයක විසඳුමක්, ව්‍යසනයට මුහුණ දෙන ජන කොටස් වලට තවමත් ලෙඅබී නොමැත.

මෙම විශේෂිත අවශ්‍යතාවය සපුරාලීමේ කොටස්කරුවකු වෙමින් සිද්ධාලෝක පදනම ආරම්භ කරන ලද සෞඛ්‍ය ආරක්ෂිත පානීය ජලය සැපයීමේ ව්‍යාපෘතියේ පළමු අදියර පූනෑව ගම්මානයේදී වන දින 2017-03-25 ජනගත කරන්නට ලැබීම “මිනිසුන් වෙනුවෙන් කැපවෙමු“ යන්න තේම පාඨය කරගත් සිද්ධාලෝක පදනම ලත් ජයග්‍රහනයකි.

වැඩිදුර කියවීමට
හෝමාගම, උඩුවන, ශී‍්‍ර සුපේෂලාරාම විහාරස්ථානයේ බෝ මළුව ප‍්‍රතිසංස්කරණය කර දීම

සාරාසංඛ්‍යෛ කල්ප ලක්ෂයක් පාරමී දම් පිරූ සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේට උතුම් බුද්ධ රාජ්‍යයට එළඹීමට සෙවන් දුන් ඇසතු වෘක්ෂය උන් වහන්සේට අවබෝධය ලබා ගැනීමට සෙවන දෙමින් ලද උපකාරයට සතියක් මුළුල්ලේ අනිමිස ලෝචන පූජාවෙන් අති පූජනීයත්වයට පත් කරමින් බෝධිය යන අරුත අවබෝධය බව අපට කියා දුන් සේක.

උන්වහන්සේ සතියක් මුළුල්ලේ කරන ලද උපහාරය තුළින් අපට කියා දුන් පළමු පාඩම කලගුණ සැලකීම.

තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ නොසිටින මේ වකවානුවේ බෞද්ධ වූ අපි ගෞරවයෙන් සිහිපත් කරන උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත්වන විට රැඳුනු බුද්ධ රශ්මි බුදු ගුණ සුවඳ නිසාම අපි ජීවමාන බුදු රජානන් වහන්සේ ලෙස හඳුන්වනවා.

වැඩිදුර කියවීමට
බප/හො/කිම්මන්තුඩාව ශී‍්‍ර සුමනජෝති කනිෂ්ඨ විද්‍යාලය සඳහා පාසල් උපකරණ හා කාර්යාල උපකරණ බෙදා දීම

2015 වර්ෂයේ ළමා දිනය යෙදී තිබූ ඔක්තෝබර් 04 වන දින සිද්ධාලෝක පදනමේ සහෘද කණ්ඩායම දැයේ අනාගතය බාර ගැනීමට යෝජිත ළමා පරපුර සමග ගත කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව දුෂ්කර ප්‍රදේශයක අඩු පහසුකම් සහිත පාසැලක දරු දැරියන් වෙනුවෙන් යමක් කිරීමට ගත් තීරණය මත බණ්ඩාරගම නගරයෙන් මදක් ඈතින් පිහිටි දුෂ්කර හා දිළිඳු ජනතාවක් වෙසෙන ග්‍රාමයක් වන තිම්මන්තුඩාව ග්‍රාමයේ පිහිටි බප/හෝ/තිම්මන්තුඩාව ශ්‍රී සුමනජෝති කණිෂ්ඨ විද්‍යාලය තෝරාගත්තේ සිද්ධාලෝක පදනමේ නිලධාරි මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් මගිනි.

එම තෝරා ගැනීම ඉතාම නිවැරදි බව එම විද්‍යාලයට ගිය ඕනෑම තෙනෙකුට වැටහෙනුයේ බස්නාහිර පළාතට අයත් පාසැලක් වුවද එම ප්‍රදේශයේ වෙසෙන ජනතාව එදිනෙදා ජීවනෝපාය සරිකර ගැනීමට දරණ වෑයම දැක ගත හැකි බැවිනි.

වැඩිදුර කියවීමට
සිද්ධාලෝක පදනම බිහිවන්නට පහන් වැටක් වු සමාජ සත්කාර කිහිපයක්.